නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්රිකට් තරගයේදී ක්රිකට් ලෝලීන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අන්දමේ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබේ. තරගයේ එක් අවස්ථාවකදී නවසීලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 317 ක් ලබා ගනිමින් අතිවිශාල ලකුණු පුවරුවක් ගොඩනගමින් සිටියේය.
කෙසේ නමුත් ඉන් අනතුරුව ක්රියාත්මක වූ එංගලන්ත පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන්ට කිසිදු ඉඩක් ලබා නොදෙමින් ඔවුන්ගේ ඉතිරි කඩුලු දහයම හුදෙක් ලකුණු 121 ක් තුළ බිඳ හෙලීමට සමත් වීම කාගේත් දැඩි මවිතයට කරුණක් වී ඇත. මෙම සුවිශේෂී කඩා වැටීමට ප්රධානතම හේතුව වූයේ එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් විසින් දියත් කරන ලද විශිෂ්ට පන්දු යැවීමයි.
එහිදී ඔහු පන්දුවාර 21 ක් යවමින් නිලකුණු පන්දුවාර 3 ක් ද සමගින් ලකුණු 70 කට කඩුලු 4 ක් දවා ගත්තේ 3.3 ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමිනි. ඊට අමතරව ඔහුට අනගි සහයක් ලබා දුන් ජොෆ්රා ආචර් සහ ෂොහේබ් බෂීර් යන පන්දු යවන්නන් දෙදෙනා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. කිසිවෙකු නොදැවී ලකුණු 317 ක ආරම්භයක් ලබා ගත් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තය දැක්වූ මෙම ආගමනය විශිෂ්ටතම පෙරළියක් ලෙස විචාරකයින්ගේ අවධානයට ලක්ව ඇත.
නොමිලේ ක්රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්රීඩා උළෙලේදී (Asian Games) ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.