ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්ව තනතුර සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. පසුගිය කාලසීමාව තුළ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ගන්නා ලද ඇතැම් තීරණ හේතුවෙන් කණ්ඩායමේ උපනායකත්වය කිහිප වරක්ම වෙනස් වීමට ලක්වූ අතර,
එහිදී කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක යන ක්‍රීඩකයින් දෙදෙනා වටා මෙම තනතුර දෝලනය වීම කාගේත් අවධානයට ලක් විය. මීට පෙර පැවැති තරගාවලියකදී උපනායකත්වයෙන් ඉවත් කෙරුණු කමිඳු මෙන්ඩිස් හට නැවතත් එංගලන්ත තරගාවලිය සඳහා අදාළ වගකීම පැවරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, තමාට මුහුණ දීමට සිදු වූ මෙම අමුතු සිදුවීම් මාලාව සහ උපනායකත්වය අහිමි වී නැවත ලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ කමිඳු මෙන්ඩිස් ඉතා පැහැදිලි සහ සංවේදී පිළිතුරක් ලබා දී තිබේ. තේරීම් කමිටුව ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ
කමිඳු මෙන්ඩිස් :” මන් හිතන්නේ එක තේරීම් කමිටුවෙන් අහන්න ඕනි ප්‍රශනයක්.මගේ වගකීම තමයි රට වෙනුවෙන් සහ කණ්ඩායම වෙනුවෙන් උපරිම දෙන එක.මොන වගකීම හම්බුනත් ක්‍රීඩකයෙක් විදියට මට දෙන්න පුළුවන් උපරිම දෙන එක.”
“ඇත්තටම කියනවනම් පුද්ගලිකව මන් එක ගෙන ගොඩක් worry වෙන්නේ නැ.එකම වගකීම මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මන් හිතන්නේ නැ එක උපනායකත්වයක් නිසා වෙනස් වෙයි කියලා.මගේ කලින් තිබ්බ බලාපොරොත්තුවත් මගේ රට වෙනුවෙන් උපරිම දෙන එක ඉදිරියට එහෙමමයි.මගේ රට වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කිරීම මන් හිතන්නේ නැ එක කවදාවත් වෙනස් වෙයි කියලා.”
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි