වෘත්තීය ක්‍රීඩකයන්ගෙන් 99%ක්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන හෝ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන වයසකදී, තවමත් T20 ෆ්‍රැන්චයිස් පිටියේ අසමසම දක්ෂතා දක්වමින් සිය නාමය රන් අකුරින් ලිවීමට දකුණු අප්‍රිකානු හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් (Imran Tahir) සමත්ව සිටියි.
2026 ග්ලෝබල් සුපර් ලීග් (Global Super League) තරගාවලියේ අවසන් මහා තරගයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම හමුවේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 29කට බිඳ වැටුණු අතර, එහිදී පිත්තෙන් ක්‍රියාත්මක වූ නායක තාහීර් පන්දු 11කදී ලකුණු 11ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 85 දක්වා ඉහළ නැංවීමට සහය විය.
අනතුරුව ලකුණු 86ක පන්දු යැවීමේ පහසු ඉලක්කයක් හඹාගිය සැන් ෆ්‍රැන්සිස්කෝ පිල කඩුලු 4කට ලකුණු 56ක් ලබා සිටියදී, පිටියට පිවිසි තාහීර් එක පිට එක කඩුලු 2ක් බිඳ හෙලමින් ප්‍රතිවාදී ඉනිමේ කොඳුනාරටිය කඩා දැමීය. අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ ඉනිම ලකුණු 79කට සීමා කළ ගයානා කණ්ඩායම ලකුණු 6ක අදහාගත නොහැකි ඓතිහාසික ජයක් ලබමින් ශූරතාව හිමිකර ගත්තේය.
47 හැවිරිදි වියේ පසුවන තාහීර්, තරුණ ක්‍රීඩකයන් පරාජය කරමින් තවමත් පිටිය තුළ දක්වන මෙම සටන්කාමී නායකත්වය සහ උද්‍යෝගය සමස්ත ක්‍රිකට් ලෝකයේම මහත් පැසසුමට ලක්ව තිබේ.

” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.