මෙවර ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලිය තුළ කැපී පෙනෙනම දස්කම් දැක්වූ ක්රීඩකයා ලෙස Kandy Royals කණ්ඩායම නියෝජනය කළ ළහිරු උදාර හඳුන්වා දිය හැකිය. Kandy Royals කණ්ඩායමේ තරගාවලි ගමන නිමාවුවද, තරගාවලිය පුරාම වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගැනීමට ඔහු සමත් විය.
ඔහු මෙවර LPL තරගාවලිය තුළ එක් ශතකයක් සහ අර්ධ ශතකයක් ද සහිතව ලකුණු 434ක් රැස් කළේ ඉහළ ප්රහාරාත්මක වේගයක් ද පවත්වා ගනිමිනි. එහිදී Galle Gallants කණ්ඩායමට එරෙහිව පන්දු 63කින් නොදැවී ලබාගත් ලකුණු 132ක ඉනිම LPL ඉතිහාසයේ ක්රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු ඉනිම ලෙස වාර්තා අතරට එක් විය. (එම ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය).
අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 188ක දැවැන්ත ඉනිමක් ක්රීඩා කළ ළහිරු, තමන්ට ටෙස්ට් පිටියේ පමණක් නොව සීමිත පන්දුවාර පිටියේද එකලෙස දස්කම් දැක්විය හැකි බව පෙන්වා දී තිබේ. පැතුම් නිස්සංක සමග ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අඩුව පිරවීම සඳහා ළහිරු උදාරගේ මෙම සාර්ථකත්වය ඉදිරියේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට අතිශය වාසිදායක ආයෝජනයක් වනු ඇත.

චමරි අතපත්තු, ඉන්දුනීසියානු පිල අන්ත අසරණ කළ ඓතිහාසික පන්දු යැවීම මෙන්න! (වීඩීයෝ සහිතයි. )
ශ්රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වයට මොකද උනේ? හේතුව මෙන්න.
ICC පන්දු යවන්නන්ගේ අතර එකම ලාංකිකයා ලෙස අසිත ප්රනාන්දු තැබූ විශේෂිත වාර්තාව මෙන්න
එංගලන්ත සංචාරයට ශ්රී ලංකා සංචිතය නම් කරයි! සම්පූර්ණ සංචිතය මෙන්න! ආකෘති දෙකේම නායකත්වය කුසල් මෙන්ඩිස්ට
චාමික කරුණාරත්නගේ පීතෘත්ව නඩුවේ නවතම තත්ත්වය මෙන්න