Menu

ඓතිහාසික ටෙස්ට් වරම අවාසනාවන්ත ලෙස අවසන් වෙයි!

255

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ප්‍රබල පිතිකරු දිනේෂ් චන්දිමාල් ආබාධයකට (Concussion) ලක්වීම හේතුවෙන්, ඔහු වෙනුවට ‘Concussion Substitute’ ක්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් සිය කුළුඳුල් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සමත් විය.

පසුගියදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදීද අංක 3 පිතිකරුවා ලෙස සාර්ථක දස්කම් දැක්වීමට පසිඳු සමත් වූ අතර, දේශීය පළමු පෙළ (First-Class) තරග 104කදී ලකුණු 4,928ක් රැස්කරමින් 54.15ක අතිවිශිෂ්ට සාමාන්‍යයක් පවත්වාගෙන යාමට ඔහු සමත්ව සිටියි. ඊට ශතක 14ක් සහ අර්ධ ශතක 23ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය ද උසුලමින් විශිෂ්ට නායකත්ව ලක්ෂණ පෙන්වා ඇති සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ ළහිරු උදාර වැනි යොවුන් තරු අතරින් ජාතික කණ්ඩායමට පිවිසි තවත් බලාපොරොත්තු සහගතම පිතිකරුවෙකි. චන්දිමාල්ගේ නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 3 ස්ථානය වෙනුවෙන් දිගුකාලීන විසඳුමක් වීමට පසිඳු සූරියබණ්ඩාරට මෙමගින් මහඟු අවස්ථාවක් හිමිව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *