Menu

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වයට මොකද උනේ? හේතුව මෙන්න.

26

පළමු වරට පැවැත්වෙන ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් 6ක් එක්වන මෙම තරගාවලියේ සියලු තරග මුම්බායිහි ක්‍රිකට් ක්ලබ් ඔෆ් ඉන්දියා සහ Vadodara ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මුලින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, ජූලි මාසයේ පැවති ICC වාර්ෂික සමුළුවේදී ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ යුතු කාර්යය කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී තිබෙනවා.

තරගාවලිය පැවැත්වීම සඳහා බංග්ලාදේශය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් තුන පිළිබඳව ICC විසින් සත්කාරකත්ව ඇගයීම් සිදුකර ඇති අතර, එහිදී ඉන්දියාව සුදුසුම ආදේශක සත්කාරක රට ලෙස නිර්දේශ කර තිබෙනවා.


නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *