Menu

ඉන්දියානු ක්‍රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න

110

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී විනය විරෝධීව හැසිරුණු Kranti Gaud ගේ විනය වාර්තාවට එකතු වූ අලුත්ම දඩුවම් ලකුණ

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම්ම අවසන් මහා තරගය අතරතුර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩිකා Kranti Gaud විසින් සිදුකරන ලද හැසිරීමක් හේතුවෙන් ඇයට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ආරම්භක පිතිකාරිණී ඉමේෂා දුලානි දවා ගැනීමට සමත් වීමෙන් අනතුරුව ඇය දැක්වූ අතිශය ආන්දෝලනාත්මක කඩුලු සැමරුම මෙම පියවර ගැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

ඉමේෂා දුලානි දවා ගැනීමෙන් පසුව අතිශය ආවේගශීලී ලෙස හැසුරුණු Kranti Gaud, ඇයට නැවත ක්‍රීඩාගාරය දෙසට යන ලෙස අතින් සංඥා කරමින් අපහාසාත්මක අයුරින් අභියෝග කර සිටියා. මෙම විනය විරෝධී ක්‍රියාකලාපය තරග තීරකයින්ගේ දැඩි අවධානයට ලක්වූ අතර, ඒ අනුව ඇයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති සංග්‍රහය ක්‍රියාත්මක කරනු ලැබුවා.

අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය සෘජුවම උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කළ බවට ඇයට මෙහිදී නිල වශයෙන් චෝදනා එල්ල වුණා.

මෙම වරද වෙනුවෙන් දඬුවම් ලෙස Kranti Gaud හට හිමිවීමට තිබූ තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ඇයගේ නිල විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩාවේ ගෞරවයට හානි වන අයුරින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් උසිගැන්වීම හෝ අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කෙතරම් තදින් නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්න මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වන අතර, මෙම සිදුවීම මේ වන විට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.


නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *