2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 68 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ චමරි අතපත්තු ලකුණු 102ක් රැස් කළේය.
මෙය චමරි අතපත්තු රැස් කළ දෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර ශතකයයි.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.
උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව මෙම ශූරතාවය දිනා ගැනීමද විශේෂත්වයකි.

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ