2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තීරණාත්මක තරගය සඳහා සහභාගී වීමට ඉරාක ජාතික පාපන්දු කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත්, කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම සංචාරය තාවකාලිකව කල් දමන ලෙස කණ්ඩායම් පුහුණුකරු ග්‍රැහැම් ආර්නෝල්ඩ් (Graham Arnold) බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාව සහ ආරක්ෂාව මෙම තීරණාත්මක මොහොතේ වැදගත් බව ඔහු පෙන්වා දී ඇත.
පවතින බාධා මධ්‍යයේ වුවද, සැලසුම් කර ඇති පරිදි ඉරාක කණ්ඩායම එළඹෙන මාර්තු 31 වන දින මෙක්සිකෝවේ මොන්ටෙරේ (Monterrey) නුවරදී සිය තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතය. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ බොලිවියාව හෝ සුරිනේම් කණ්ඩායමයි.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

හදිසියේම FIFA වර්ජනය කළ යුරෝපා රටවල්, විස්තරය මෙන්න
මෙසී වාර්තා පිටු අලුත් කරමින් රටම දිනවයි
පාපන්දු ක්‍රීඩා ලෝලීන් හඬවමින් ලෝක කුසලානයට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
රොනාල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්!
ඇට්ලන්ටා පිටිය ගිනියම් වෙයි! සුපිරි සටනකින් පසු හැරී කේන්ගේ බලඇණිය ජයග්‍රහණය සනිටුහන් කරයි