විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේත් අවධානය දිනාගත් තීරණාත්මක තරගයකින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් එංගලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමගින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්තයට හැකි විය. එහෙත් මෙම ප්‍රතිඵලයත් සමග චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් සම්පූර්ණයෙන්ම බිඳ වැටී නොමැත.
මේ වන විට ගණිතමය වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමේ දුර්ලභ අවස්ථාවක් නිර්මාණය වී ඇති අතර ඒ සඳහා ඉදිරි දින දෙක තුළ ප්‍රධාන කොන්දේසි තුනක් අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතුය. පළමුවෙන්ම ජූනි 26 වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ඉතාමත් දැවැන්ත ලකුණු පරතරයකින් හෝ පන්දු පරතරයකින් ජයග්‍රහණය කර සිය ශුද්ධ ලකුණු වේගය ඉහළ නංවා ගත යුතුය. ඉන්පසුව ජූනි 27 වනදා පැවැත්වෙන තරග වලින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයර්ලන්තය හමුවේ විශාල පරතරයකින් පරාජය වීම මෙන්ම නවසීලන්ත කණ්ඩායම එංගලන්තය හමුවේ පරාජය වීමද අනිවාර්ය වේ. මෙම සියලු සාධක එක පෙළට පෙළගැසුණහොත් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් පූර්ව වටයේ දොරටු විවර කරගත හැකි වනු ඇත
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මුල් 10 අතර!
නවතම ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් මුල් 05 අතර!
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
ඉන්දියාව පැරදු අයර්ලන්තයට සිදු වූ කණගාටුදායක පුවත මෙන්න
ආසියාවේ නවතම නැගී එන ක්‍රිකට් ,ඊයේ සෝදාපාලුවට ලක් වූ ආකාරය මෙන්න
වයිකින්වරුන්ගේ ගෝල මැෂිම යළි ක්‍රියාත්මකයි