ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද යළිත් වරක් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියට පිවිසියේ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට් නුවරදී පැවැත්වෙන තීරණාත්මක තරගය සමඟිනි.
මෙම තරගය ආරම්භ වීමටත් පෙර සිටම සමස්ත ඉන්දීය ප්‍රේක්ෂකයින් මෙන්ම ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයක් මීට යොමුව තිබුණි. ඊට ප්‍රධානතම හේතුව වූයේ පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබූ යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි මෙම තරගයේදී සිය ජාත්‍යන්තර මංගල T20 වරම් දිනාගනු ඇතැයි බොහෝ දෙනෙකු දැඩි බලාපොරොත්තුවකින් පසුවීමයි.
ඔහු ඉන්දීය ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙනු දැකීමට ක්‍රීඩා ලෝලීන් අපේක්ෂාවෙන් සිටියහ.
නමුත් තරගය ආරම්භයේදීම එම සියලු බලාපොරොත්තු බිඳ දමමින් ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් අනපේක්ෂිත තීරණයක් ගනු ලැබීය. ඉන්දීය ඉනිම ආරම්භ කිරීමේ වගකීම වෛභව් සූර්යවංශිට ලබා නොදී, එම අවස්ථාව සංජු සැම්සන් සහ අභිෂේක් ෂර්මා වෙත ලබාදීමට ඔවුන් පියවර ගත්හ. මේ හේතුවෙන් අද දිනයේදී සිය මංගල ජාත්‍යන්තර තරගයට පිවිසීමට වෛභව් සූර්යවංශිට තිබූ ස්වර්ණමය අවස්ථාව අහිමි වී ගියේය
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මුල් 10 අතර!
නවතම ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් මුල් 05 අතර!
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
ඉන්දියාව පැරදු අයර්ලන්තයට සිදු වූ කණගාටුදායක පුවත මෙන්න
ආසියාවේ නවතම නැගී එන ක්‍රිකට් ,ඊයේ සෝදාපාලුවට ලක් වූ ආකාරය මෙන්න
වයිකින්වරුන්ගේ ගෝල මැෂිම යළි ක්‍රියාත්මකයි