Menu

පාපන්දු පිටියේ අසමසම වාර්තාවක් තැබූ ලියෝනල් මෙසී! විස්තරය මෙන්න.

70

ලියෝ මෙසී පසුගිය දා තමන්ගේ ලෝක කුසලාන ජීවිතේ විසිවෙනි ගෝලය වාර්තා කලා.. ඒ අනුව එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල 20ක් වාර්තා කල පලමු සහ එකම ක්‍රීඩකයා වෙන්නේ මේ සුපිරි ක්‍රීඩකයා පමණයි!

මෙවර ලෝක කුසලානයේ මෙසී රැස්කල හත්වෙනි ගෝලය මේක, වර්තමානයේ ලොව නැගීඑන සුපිරිතම පාපන්දු ක්‍රීඩකයින් වන එම්බාප්පේ, හාලන්ඩ්, විනි ජූනියර් වැනි දක්ෂයින් අභිබවා මේ ජේෂ්ඨයා තවමත් පෙරමුණ ගෙන සිටිනවා.

ඒ අනුව අඛණ්ඩව ලෝක කුසලාන තරග 8කදී ගෝල වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩව වැඩිම තරග ගණනක ගෝල රැස්කල ක්‍රිඩකයාට හිමි වාර්තාව මෙසී තවමත් නොබිඳව ඉදිරියට රැගෙන යන්නට සමත් වුනා.

මෙසීගේ මේ ගෝලයත් සමග තවත් අපූරු වාර්තාවක් ලියැවුනා. ඒ තමයි ගෝල 7ක් හෝ ඊට වැඩියෙන් ලෝක කුසලාන තරගාවලි දෙකකදී රැස්කල ලොව පලමු සහ එකම ක්‍රීඩකයා බවටත් මෙසීගේ මේ ගෝලයත් සමග ඔහු පත් වුනා.

දැන් මෙසීට වයස අවුරුදු 39ක්… සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා අඩුවෙන කාලේ… හැබැයි ඒ සියල්ල මෙසී මේ වෙද්දී බොරු කරලා ඉවරයි. ඊට හොඳම සාක්ෂියක් මෙන්න මේ දත්ත විශ්ලේෂණය කරලා බලද්දී පේනවා.

සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයෙක් වයස අවුරුදු 35 සීමාවට ලඟාවෙද්දී සලකන්නේ තමන්ගේ ක්‍රීඩා දිවියේ ‘සැඳෑ සමය’ කියලයි. බොහෝ දෙනෙක් එක්කෝ විශ්‍රාම යනවා, නැත්නම් වේගය අඩුවෙලා බෙන්ච් එකට සීමා වෙනවා. හැබැයි, ලියොනල් මෙසී කියන මායාකරුවාට මේ නීති අදාළ වෙන්නේ නැහැ. ඔහු වයසින් මුහුකුරා යන්න යන්න කරන්නේ තමන්ගේ තියුණු බව තවත් වැඩි කරගන්න එකයි.

ලෝක කුසලාන වේදිකාවේ මෙසී තැබූ අලුත්ම සංඛ්‍යාලේඛනයක් දෙස බලද්දී, ඔහු අනෙක් සාමාන්‍ය මිනිසුන්ගෙන් කෙතරම් වෙනස්ද යන්න මනාව පැහැදිලි වෙනවා.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය පුරා වයස අවුරුදු 35 සීමාව පසු කරපු, ලෝකයේ බිහිවුණු සුපිරිම තරු සියල්ලම එකතු වෙලා රැස් කරලා තියෙන්නේ මුළු ගෝල 25ක් විතරයි. ඒ කියන්නේ ලෝකේ වටෙන්ම ආපු, වයස 35 පැනපු හැම ප්‍රහාරක ක්‍රීඩකයෙක්ම ඉතිහාසය පුරාම ගහපු මුළු ගෝල ගණන 25යි.

හැබැයි, තනි ක්‍රීඩකයෙක් විදිහට ලියොනල් මෙසී තමන්ගේ 35 වැනි උපන්දිනයෙන් පස්සේ විතරක් ලෝක කුසලාන තරගබිමේ ගෝල 14ක්ම තමන්ගේ නම ඉදිරියෙන් සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම ඒ ගිණුම තවමත් ක්‍රියාත්මකයි!

මේ දත්තයෙන් පැහැදිලි වෙන්නේ මෙසී තවමත් තරග බිමේ දක්වන අසමසම ස්ථාවරත්වයයි. තාරුණ්‍යයේ වේගය අභිබවා යන පරිණත නුවණ සහ පන්දුව හැසිරවීමේ කලාව නිසා, ප්‍රතිවාදීන්ට ඔහුව නවත්වන එක වයසින් මුහුකුරා යද්දී තවත් අපහසු වෙලා තියෙනවා. මුළු ලෝකයක වයස්ගත සුපිරි තරු එකතුව තැබූ වාර්තාවට, මෙසී තනිවම අත පොවන මානයට පැමිණීම සැබවින්ම විශ්මයජනකයි.

ලෝක කුසලාන ඉතිහාසයේ ‘GOAT’ සලකුණ කවුද කියන එකට, මීට වඩා වෙනත් සාක්ෂි කුමකටද?

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *