තමන් විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට ලබා දුන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සදහන් කළා.
ඒ, ඇමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක Folarin Balogun ට එරෙහිව ලබා දුන් රතු කාඩ් පතට අදාළ තරග තහනම අත්හිටුවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කළ පසුබිමකයි.
මේ වන විට අදාළ තීරණයට ලොව පුරා බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මෙවර ලෝක කුසලානයේ අවසන් 32 වටයේ තරගයේදී Folarin Balogun හට රතු කාඩ් පත ලබා දුන් අතර, ඒ අනුව පාපන්දු නීති අනුව ඔහු ක්‍රීඩා කරන මීළග තරගය එනම්, අවසන් 16 වටය යටතේ ඇමෙරිකාව ක්‍රීඩා කරන බෙල්ජියමට එරෙහි තරගය ඔහුට ස්වයංක්‍රීයවම තහනමට ලක් වුණා.
කෙසේ වෙතත්, එම තරග තහනම වසරකට අත්හිටුවන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පසුව නිවේදනය කළේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට එම තහනම පිළිබද යළි සලකා බලන ලෙසට පෞද්ගලිකවම දැනුම් දීමක් සිදු කර තිබූ පසුබිමකයි එම තහනම අත්හිටුවීමට FIFA තීරණය කළේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි