Menu

LPL ඉතිහාසයේ දැවැන්තම ඉලක්කය හඹායයි. විස්තරය මෙන්න!

71

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලි ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් යාපනය කණ්ඩායම නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

කොළඹදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස් කරමින් ඔවුන් මෙම වාර්තාව අලුත් කළා.

මෙහිදී බිඳ වැටුණේ මීට පෙර 2022 වසරේදී යාපනය කණ්ඩායම විසින්ම කඩුලු 3ක් දැවී ලකුණු 240ක් රැස් කර පිහිටුවා තිබූ වාර්තාවයි.

අද පැවති මෙම තීරණාත්මක තරගයේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිල් මිෂාර, පන්දු 55කින් විශිෂ්ට නොදැවී ලකුණු 108ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *