මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ පැවැති තීරණාත්මක Qualifier 01 තරගයේදී Galle Gallants කණ්ඩායමට එරෙහිව අතිවිශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට කමිල් මිශාර සමත් විය. මෙය ඔහුගේ LPL තරග දිවියේ වාර්තා වූ කුළුඳුල් ශතකය වීම විශේෂත්වයකි.
සිය අර්ධ ශතකය ලබාගැනීම සඳහා පන්දු 31ක් වැය කළ කමිල්, එතැන් පටන් Galle Gallants පන්දු යවන්නන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් දියත් කරමින් සිය ශතකය දක්වා ළඟා වීමට වැය කළේ පන්දු 17ක් පමණි.
අවසානයේ නොදැවී ලකුණු 101ක් රැස් කළ ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 49ක් පමණි. හතේ පහර 9ක් සහ හයේ පහර 7ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය (Strike Rate) 202.1ක් ලෙස සටහන් විය. ළහිරු උදාරට පසුව මෙවර LPL තරගාවලිය තුළ වාර්තා වූ දෙවන ශතකය ලෙස මෙය සටහන් වේ.

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න
ශ්‍රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න
ඊයේ තරඟය පරාජයට ප්රධානම හේතු මෙන්න.
මිළඟ තරඟයට ශ්ර්රී ලංකා කණ්ඩායම නව තුරුම්පුවක්
ඉන්දියානු ක්රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න