ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට තිබූ තවත් අගනා අවස්ථාවක් ගාල්ලේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අහිමි වී ගියේය.
— Shane Warne – 3154 runs
— Niroshan Dickwella – 2837 runs
ලකුණු 80 සීමාව පසුකරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දික්වැල්ල, ශතකයට ආසන්නව සිටියදී දැවී ගිය අතර, ඔහු සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 80 සීමාව හෝ ඊට වැඩියෙන් ලබා සිටියදී ශතකය ලබා ගැනීමට නොහැකිව දැවී ගිය 6 වැනි අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
මේ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ශතකයක් වාර්තා කර නොමැතිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට දික්වැල්ලට සිදුවී තිබේ. මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් (ලකුණු 3,154) වන අතර, දික්වැල්ල මේ වන විට ශතකයක් නොමැතිව ටෙස්ට් ලකුණු 2,837ක් ලබා සිටියි.

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න
ශ්‍රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න
ඊයේ තරඟය පරාජයට ප්‍රධානම හේතු මෙන්න.
මිළඟ තරඟයට ශ්ර්රී ලංකා කණ්ඩායම නව තුරුම්පුවක්
ඉන්දියානු ක්‍රීඩිකා Kranti Gaud හට හදිසියේම දඩ පැනවීමට හේතුවූ ආසියානු කුසලාන අවසන් තරගයේ එම ආන්දෝලනාත්මක සිදුවීම මෙන්න