Menu

දෙවැනි ටෙස්ට් තරගයට කලින් ධනංජයගෙන් විශේෂ ප්‍රකාශයක්

85

සංචාරක ඉන්දීය කණ්ඩායම හමුවේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක පරාජයක් ලැබුවද, කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී තරග තත්ත්වය වෙනස් කළ හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කරයි.

SSC තණතීරුවේ ස්වභාවය පිළිබඳව කණ්ඩායමට යම් අදහසක් තිබුණද, තරගය ආරම්භ වන විට එහි අවසන් ස්වභාවය නිශ්චිතවම පැවසීම අසීරු බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම පළමු ටෙස්ට් තරගයේදී භාවිත කළ පන්දු යැවීමේ සංයෝජනයම (Bowling Combination) දෙවැනි තරගයේදීත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පිළ බලාපොරොත්තු වන බව පැවසූ නායකයා, ඒ අනුව වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත සංයෝජනය කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය. පළමු තරගයේ අඩුපාඩු හඳුනාගෙන නවක ක්‍රීඩකයින්ගේද දායකත්වයෙන් SSC හිදී ප්‍රබල පුනරාගමනයක් සටහන් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *