පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ Lahore Qalandars හා Karachi Kings අතර පසුගිය ඉරිදා පැවැති තරගයේදී පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ Lahore Qalandars ක්‍රීඩක ෆකාර් සමාන්ට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විභාගයකින් අනතුරුවයි තරග තීරක රොෂාන් මහානාම විසින් මෙම දඩුවම පනවා ඇත්තේ.
තරගයේ දෙවනුව පන්දුවට පහර දෙමින් සිටි කරච්චි කණ්ඩායමට ජයග්‍රහනයට අවසන් පන්දු හයට ලකුණු 14 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ පසුබිමක පන්දු රකිමින් සිටි ෆකාර් මෙලෙස පන්දුව පළුදු කරනු දක්නට ලැබුණා.
එම වරද හේතුවෙන් පිතිකරණයේ නිරතව සිටි කරච්චි කණ්ඩායමට ලකුණු පහක් දඩුවම් ලකුණු ලෙස පිරිනැමීමට ද විනිසුරුවන් කටයුතු කළ අතර, ඒ අනුව අවසන් පන්දු හයට ඔවුන්ට ජයග්‍රහනයට අවශ්‍ය වූයේ ලකුණු 9ක් පමණයි.
අවසානයේ තරගයෙන් කරච්චි කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.


” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.