Menu

ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයාට මෙවර තරඟයේදී වැරදුණු තීරණාත්මක තැන

111

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් ක්‍රීඩකයෙකු තැබූ සුවිශේෂීම වාර්තාවක් අලුත් කරමින් ලෝකයේම අවධානය දිනා සිටි තරුණ වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වීම හේතුවෙන් දැඩි පසුබෑමකට ලක් වීමට සිදු විය.

මෙතෙක් පැවති තරඟවලදී ඉතා අගනා පන්දු යැවීමක නිරත වෙමින් අයිපීඑල් ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ සාමාන්‍යයක් පවත්වාගත් පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානය දිනා සිටි ඔහුට, පසුගියදා පැවති තීරණාත්මක තරඟයේදී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම නිසා එම අභිමානවත් ස්ථානය අහිමි වී තිබේ.

ලෝක ප්‍රකට පන්දු යවන්නන් වන ඩග් බොලින්ජර් සහ සිය ගුරුවරයා වන ලසිත් මාලිංග පවා අබිබවා යමින් එෂාන් මාලිංග රඳවාගෙන සිටි එම වාර්තාව එක් තරඟයකදී සිදු වූ මෙම වෙනසත් සමඟ ලැයිස්තුවේ තෙවන ස්ථානය දක්වා පහත වැටී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *