Menu

උදේ පාන්දරම ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම කාටත් රහසේ කරපු දේ මෙන්න.මෙන්ඩිස් විසින් කිසිදු විරෝධයක් නොදක්වයි.

1

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කිසිවෙකුත් නොසිතූ දඬුවමකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබෙනවා. මෙම අකරතැබ්බයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති නීති රීති පද්ධතියක් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් කඩවීමයි. එනම් තරගයේ නියමිත කාල සීමාව තුළදී පන්දුවාර සංඛ්‍යාව යවා සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් වී ඇත. එහිදී නිල වශයෙන් අනාවරණය වී ඇත්තේ නියමිත කාලයට වඩා පන්දුවාර දෙකක් අඩුවෙන් ඔවුන් යවා ඇති බවයි.

පවතින අයි.සී.සී නීතිරීතිවලට අනුව කණ්ඩායමක් නියමිත කාලය තුළ යවා අවසන් කිරීමට අපොහොසත් වන සෑම එක් පන්දුවාරයක් සඳහාම තරග ගාස්තුවෙන් 5%ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. ඒ අනුව පන්දුවාර දෙකක් ප්‍රමාද වීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත තරග ගාස්තුවෙන් 10%ක දැවැන්ත දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් පළමු තරගයේදී කණ්ඩායම අතින් සිදුවූ මෙම ප්‍රමාද දෝෂය සහ ඒ සඳහා අයි.සී.සී යෙන් ලබා දුන් අදාළ 10%ක දඩුවම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් විසින් කිසිදු විරෝධයකින් තොරව පිළිගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු වැඩිදුර විභාගයක් හෝ පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *