Menu

ශ්‍රී ලංකා විස්සයි 20 කන්ඩායමේ එක් ප්‍රබලම වෙනසක්. විස්තරය මෙන්න.

1

2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට ඇතුළත්ව සිටි යොවුන් ක්‍රීඩිකා සෂිනි ගිම්හානි ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇය වෙනුවට දකුණතින් මධ්‍යම වේගපන්දු යවන ක්‍රීඩිකා චේතනා විමුක්ති සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පුහුණුවීම් කටයුතු අතරතුරදී සෂිනි ගිම්හානිගේ කොන්දේ පහළ ප්‍රදේශයේ (Lower back) ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇයට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

මේ හේතුවෙන් පසුගිය ජූනි 02 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ද සෂිනි ගිම්හානිට අවස්ථාව අහිමි වුණා. ඒ අනුව ඇය වෙනුවට ආදේශක ක්‍රීඩිකාව ලෙස චේතනා විමුක්තිව සංචිතයට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *