ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක නව වාණිජ සැලැස්ම ක්‍රියාත්මක කළහොත්, ලෝක කුසලානය ඇතුළු සියලුම FIFA තරගාවලි වර්ජනය කිරීමට යුරෝපීය පාපන්දු සම්මේලනයට (UEFA) අයත් සාමාජික රටවල් 55ම ඒකමතිකව තීරණය කර තිබේ.
FIFA විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවූ හදිසි රැස්වීමකින් අනතුරුව UEFA පාලකයන් මෙම තීරණයට එළඹ ඇත. “ලෝක කුසලානය යනු හුදෙක් ආයෝජන භාණ්ඩයක් ලෙස සැලකිය නොහැකියි” යනුවෙන් අවධාරණය කරමින් UEFA සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් තම දැඩි විරෝධය පල කර සිටියි.
FIFA යෝජනා කර ඇත්තේ ලෝක කුසලාන ඇතුළු ප්‍රධාන තරගාවලි පාලනය සඳහා ‘FIFA Forward Enterprise’ (FFE) නමින් නව වාණිජ සමාගමක් පිහිටුවීමටත්, එහි සුළු කොටස් බාහිර ආයෝජකයන්ට අලෙවි කිරීමටත්ය. රටවල් 211ක අනුමැතිය අවශ්‍ය වන මෙම යෝජනාවට සහාය දෙන සම්මේලනයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 1,343ක් පමණ) මුදලක් ලබා දෙන බවට FIFA සභාපති Gianni Infantino ලිපියක් මගින් දැනුම් දී ඇත.
එමෙන්ම සැප්තැම්බර් 19 වැනිදාට පෙර යෝජනාවට එකඟ වන්නේ නම් ඩොලර් මිලියන 20ක මූලික මුදලක් හිමිවන බවටද දැනුම් දී ඇති අතර, මෙම පියවර පාපන්දු ක්‍රීඩාවේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බව පවසමින් යුරෝපා පාපන්දු බලධාරීන් ඊට එරෙහිව මෙසේ වර්ජන තර්ජනයක් එල්ල කර තිබේ.

බුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
අවසන් සටනක් නොදීම දඹුල්ල තරඟාවලිය ඉවතට විසිවෙයි.
ආසියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උණුසුම් ආරංචියක්: Asian Legends League 2026 ආරම්භ වෙයි!
මූලික වටයෙන්ම ගෙදර යන්න දඹුල්ලයි නුවරයි කරට කර සටනක: LPL නවතම ප්‍රසාද ලකුණු සටහන නිකුත් වෙයි!
2027 ICC එක්දින ලෝක කුසලානයේ නිල ලෝගෝව සහ ක්‍රීඩාංගණ ලැයිස්තුව ICCයෙන් එළියට!
පකිස්තානය විදෙස් රටවල දී අසාර්ථක ඇයි. හේතුව මෙන්න!