Menu

2027 ICC එක්දින ලෝක කුසලානයේ නිල ලෝගෝව සහ ක්‍රීඩාංගණ ලැයිස්තුව ICCයෙන් එළියට!

36

2027 වසරේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිල ලෝගෝව (Logo) සහ තරග පැවැත්වෙන සියලුම ක්‍රීඩාංගණ ලැයිස්තුව අද (30) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් නිවේදනය කරන ලදී.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය, ඔක්තෝබර් මස 04 වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ ප්‍රධාන ක්‍රීඩාංගණ 8කදී, සිම්බාබ්වේ ක්‍රීඩාංගණ 3කදී සහ නැමීබියාවේ එක් ක්‍රීඩාංගණයකදී මෙම තරග පැවැත්වෙනු ඇත. අප්‍රිකානු කලාපය මුල් කරගනිමින් ICC එක්දින ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 24කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලැයිස්තුව:

🇿🇦 දකුණු අප්‍රිකාව (ක්‍රීඩාංගණ 8යි):

  • Wanderers Stadium (ජොහැන්නස්බර්ග්)
  • SuperSport Park (සෙන්චූරියන්)
  • Newlands (කේප්ටවුන්)
  • Kingsmead (ඩර්බන්)
  • St George’s Park (ගෙබෙහා)
  • Mangaung Oval (බ්ලූම්ෆොන්ටයින්)
  • Boland Park (පාල්)
  • Buffalo Park (ඊස්ට් ලන්ඩන්)

🇿🇼 සිම්බාබ්වේ (ක්‍රීඩාංගණ 3යි):

  • Harare Sports Club (හරාරේ)
  • Queens Sports Club (බුලවායෝ)
  • New Stadium (වික්ටෝරියා ෆෝල්ස්)

🇳🇦 නැමීබියාව (ක්‍රීඩාංගණ 1යි):

  • Namibia Cricket Ground (වින්ඩ්හුක්)
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *