ආසියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ අත්දැකීම් බහුල පූර්ව ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Asian Legends League 2026’ දෙවන අදියර (Season 2) පසුගිය ජූලි 30 වැනිදා සාර්ථකව ආරම්භ විය. මෙම තරඟාවලිය එළඹෙන අගෝස්තු 10 වනදා දක්වා අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර තරඟාවලිය සඳහා Sri Lankan Lions, Indian Royals, Pakistan Panthers, Afghanistan Pathans, Bangladesh Tigers සහ Asian Stars යන කණ්ඩායම් 6 තරඟ වදියි.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Sri Lankan Lions කණ්ඩායමට කුමාර් සංගක්කාර, උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, චතුරංග ද සිල්වා සහ අජන්ත මෙන්ඩිස් වැනි ප්‍රකට ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ.
ලීග් වටයේ තරඟ 15කින් අනතුරුව, ප්‍රසාද ලකුණු සටහනට අනුව කණ්ඩායම් අවසන් වටයට තේරී පත්වීමට නියමිතයි.

මූලික වටයෙන්ම ගෙදර යන්න දඹුල්ලයි නුවරයි කරට කර සටනක: LPL නවතම ප්‍රසාද ලකුණු සටහන නිකුත් වෙයි!
2027 ICC එක්දින ලෝක කුසලානයේ නිල ලෝගෝව සහ ක්‍රීඩාංගණ ලැයිස්තුව ICCයෙන් එළියට!
පකිස්තානය විදෙස් රටවල දී අසාර්ථක ඇයි. හේතුව මෙන්න!
ICC ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි! වෛභව් සූර්යවංශිගෙන් දැවැන්ත පිම්මක්!
LPL ඉතිහාසයේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව සමගින් ලහිරු උදාරගෙන් වාර්තා පිට වාර්තා!
LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!