ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඉවත් කර ඇති බව වාර්තා වේ.
මෙම වසර මුලදී පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු මුහුණ දුන් වම් දණහිසේ ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට තවත් කාලයක් අවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ද බුම්රා වෙත දැනුම් දී ඇත්තේ නැවත ක්‍රීඩා පිටියට පිවිසීමට ඉක්මන් නොවන ලෙසයි. කෙසේ වෙතත්, මෙම තරගාවලිය සඳහා බුම්රා වෙනුවට ආදේශ කරනු ලබන ක්‍රීඩකයා කවුරුන්ද යන්න මෙතෙක් නම් කර නොමැත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු බුම්රා මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැතිවීම විශේෂත්වයක්ය.
ඉකුත් ජූලි මාසයේදී පැවැති එංගලන්ත තරගාවලිය අවසන් වූ වහාම, බුම්රාගේ දිගුකාලීන ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් BCCI වෛද්‍ය කණ්ඩායම විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව ඔහු සිය ආබාධය සඳහා එන්නතක් ද ලබාගෙන තිබේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවන තරගය අගෝස්තු 23 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ඉන්දීය කණ්ඩායම අගෝස්තු 7 වැනිදා සිට කොළඹදී තෙදින පුහුණු තරගයකට ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

අවසන් සටනක් නොදීම දඹුල්ල තරඟාවලිය ඉවතට විසිවෙයි.
හදිසියේම FIFA වර්ජනය කළ යුරෝපා රටවල්, විස්තරය මෙන්න
ආසියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උණුසුම් ආරංචියක්: Asian Legends League 2026 ආරම්භ වෙයි!
මූලික වටයෙන්ම ගෙදර යන්න දඹුල්ලයි නුවරයි කරට කර සටනක: LPL නවතම ප්‍රසාද ලකුණු සටහන නිකුත් වෙයි!
2027 ICC එක්දින ලෝක කුසලානයේ නිල ලෝගෝව සහ ක්‍රීඩාංගණ ලැයිස්තුව ICCයෙන් එළියට!
පකිස්තානය විදෙස් රටවල දී අසාර්ථක ඇයි. හේතුව මෙන්න!