Menu
dushmantha chameera kolkata knight riders

දුෂ්මන්ත චමීරට කොල්කටාවෙන් අවස්ථාවක්

322

2024, ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහි අද (26) පැවැත්වෙන තරගය සඳහා සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර තරග කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන්.

මෙවර තරගාවලියේ ඔහු ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සතුව ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා දුෂ්මන්ත චමීරව තෝරාගනු ලැබුවේ ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මිලකටයි.

ඔහු 2018, 2021 සහ 2022 යන වසරවල ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලිය නියෝජන කළා.

ඒ පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම්.

තරගයේ කාසියේ වාසිය දිනු පන්ජාබ් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම මීට පන්දුවාර 10ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 137ක්.

එහි දී සුනිල් නරේන් ලකුණු 71ක් සහ පිල් සෝල්ට් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *