Menu

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

92

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පසුගිය දින කිහිපයේ පැවැති ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලිය අවසන් මහා තරගය කොළඹ තරග තරග පිටියේදී අද (04දා) රාත්‍රියේදී අවසන් වුණා.

එහිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 07ක් හා ප්‍රවර්ථනය 05ක් සාර්ථක කරගනිමින් ලකුණු රැස්කර ගනිද්දී, කසකස්ථානයට සාර්ථක කරගැනීමට හැකිවූයේ උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්ථනය පමණි.

ඒ අනුව ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු රග්බි පිටියේ පතාක යෝධයන් වන ජපානය, හොංකොං, දකුණු කොරියානු කණ්ඩායම් තරග කරන ආසියානු රග්බි ශූරතාව වෙනුවෙන් තරග කිරීමට අවස්ථාව උදාවුණා.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්හි 44 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, කසකස්තානයට හිමිව ඇත්තේ එහි 64 වැනි ස්ථානයයි.

ආසියානු රග්බි පිටියේ ඉහළ ගෞරවයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, මීට පෙරද අවස්ථාව රැසකදීම ආසියානු රග්බි ශූරතාව වෙනුවෙන් තරග කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර රග්බි තහනමත් සමග එම දස්කම් පහත වැටුණි. ඒ අනුව එම තත්ත්වය මඟහරවා ගනිමින් ඔවුන් නැවතත් දස්කම් අතර පැහැදිලි ප්‍රගතියක් අත්කරගනිමින් සිටියි.

ඉකුත් අප්‍රේල් 28 වැනිදා සිට කොළඹ තුරග තරග පිටියේ පැවැත්වූ මෙම තරගාවලියට කටාර් හා ඉන්දීය කණ්ඩායම්ද සහභාගි විය.

ඒ අනුව මෙහි තෙවැනි ස්ථානය වෙනුවෙන් වූ තරගයෙන් ඉන්දියාව ලකුණු 34 – 25ක් ලෙසින් පරාජය කිරීමට කටාර් රාජ්‍ය සමත් වුණා.

ඉන්දියාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි 87වැනි ස්ථානයේද, කටාරය එහි 94වැනි ස්ථානයද හිමිකරගෙන සිටියි.

ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වූ පළමු තරගයෙන් ඉන්දියාව ලකුණු 45 -10ක් ලෙසින් දැවැන්ත පරාජයකට ලක්කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *