Menu

සෙල්ෆියක් ගන්නා ආ තරුණයෙකුට ෂකීබ් අල් හසන් පහරදෙයි (වීඩියෝ)

497

වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන්, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පැමිණි තරුණයෙකුට පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඩකා ප්‍රිමියර් ලීග් (DPL) ක්‍රිකට් තරගාවලියේ ෆාතුල්ලාහ්හිදී ඊයේ (06) පැවැති තරගයක් අතරතුරදී.

ශෙයික් ජමාල් ධන්මොන්ඩි හා ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමාජ අතර මෙම තරගය පවත්වා ඇති අතර, ඉන් ශකීබ් ක්‍රීඩාකර ඇත්තේ ශෙයික් ජමාල් කණ්ඩායම වෙනුවෙන්.

මෙම තරගය ආරම්භ කිරීමට පෙර තරුණයෙකු ඔහු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ක්‍රීඩාංගණයේ හතරේ සීමා මායිම වෙත පැමිණ ඇත.

කෙසේ වෙතත් ඊට උරණ වූ ශකීබ්, එම තරුණයාගේ බෙල්ලෙන් අල්ලා කණට පහරක් එල්ල කිරීමට උස්සාහ කර පසුව ඔහුව ඉවතට එළවා ඇත.

පිටිය තුළත්, ඉන් පිටතත් අවේගයෙන් හැසිරෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රචලිත ශකීබ්ගෙන් මෙවැනි නොහික්මුණු හැසිරීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මේ වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ශකීබ්, එම මැතිවරණය පැවැති කාලසීමාවේදීද ඡන්ද රැස්වීමකට යමින් සිටියදී තරුණයෙකුගේ කණට ගසන අයුරුද වාර්තා විය.

කෙසේ වෙතත් ඊයේ පැවැති තරගයේදී ඔහු නියෝජනය කළ ෂෙයික් ජමාල් කණ්ඩායම ලකුණු 199ක ලැජ්ජා සහගත පරාජයක් ලැබුවා.

මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් ප්‍රයිම් බෑන්ක් කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 270/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ෂෙයික් කණ්ඩායම රැස්කළේ ලකුණු 71ක් පමණි.

ඉන් ශකිබ් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවීයාමත් විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *