ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වන තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු දහයක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංරයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ(08) සමත් වුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් හට අයිපීඑල් වරම් හිමිවිය.
කාසිය වාසිය දිනාගත් ලක්නව් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතරක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තේය.
ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම සඳහා වැය වූයේ පන්දුවාර නවයකුත් පන්දු හතරක් පමණි.
හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ෂර්මා ලක්නව් පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේය.
හෙඩ් පන්දු තිහකින් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් වූ අතර ශර්මා පන්දු 28කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 75ක්.
ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිම
අභිෂේක් ෂර්මාගේ ඉනිම

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි