Menu

චමරි අතපත්තුව තවත් සම්මානයකට නිර්දේශ වෙයි

767

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අප්‍රේල් මාසයේ ක්‍රීඩිකාවට පිරිනැමෙන සම්මානයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුවද නිර්දේශ කර තිබෙනවා.

ඇය සමඟින් මෙම සම්මානයට නිර්රදේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ බ.ඉ. කොදෙව්හි හේලී මැතිව්ස් සහ දකුණු අප්‍රිකාවේ ලෝරා වෝල්වර්ඩ්ය.

පසුගිය අප්‍රේල් මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 51ක් හා තෙවැනි තරගයේදී නොදැවී ලකුණු 195ක් රැස්කිරීම ඇයව මෙම සම්මානයට නිර්දේශවීමට ප්‍රධාන ලෙසින් හේතු වී ඇත.

මේ අතර අයි.සී.සී.ය අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රීඩි, නැමීබියාවේ ජෙරාඩ් එරාස්මස් සහ එමීර් රාජ්‍යයේ මුහම්මඩ් වසීම් යන ක්‍රීඩකයන් නිර්දේශ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *