එළබෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10දා) පස්වරුවේ සිදු කෙරුණා.
ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන අතර, ඒ අනුව එම සමාගමේ ජැඇළ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම සුවිශේෂී අවස්ථාව සිදුවිය.
මෙම අවස්ථාවට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය, කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා තවත් බොහෝ පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.
විශේෂයෙන් මෙම ජර්සියට මෙරට සංචාරක මරමස්ථාන ඇතුළත් කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උත්පේරකයක් වනු ඇති බවද නිර්මාණය කළ Moose Clothing සමාගම බලාපොරොත්තු වෙයි.
ඒ අනුව මෙම ජර්සියට මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් ‘Nine Arches Bridge’, හබරන ‘අලි එකතුව’, සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් අන්තර්ගත කර ඇත.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි