වයස අවුරුදු 23න් පහළ කාන්තා නැෂනල් සුපර් ලීග් 2024 තරගාවලිය ඊයේ ආරම්භ වුණා.
තරගාවලිය ආරම්භ කරමින් තරගාවලියේ පළමුත් තරගය ලෙස ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් අතර තරගය පැවැත්විණි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 83ක් ලබා ගත්තේය.
ලකුණු 84ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණි.
ඒ අනුව තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමිනි ලිමංසා තිලකරත්නද මෙම තරගයට දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළාය.
ඇය පන්දුවට පහර දීමේදී ලකුණු දෙකකට දැවී ගියද පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.
ඇය පන්දු වාර පන්දුවාර 3.1ක් අවසානයේදී ලකුණු නවයක් පමණක් ලබාදී කඩුළු 2ක් බිඳ හෙලීමට සමත් වූවාය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි