විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජුලි 2 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින්.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ කාල සටහනේ අවසන් පූර්ව තරග ඇමරිකානු වේලාව අනුව සැලසුම් කිරීමෙන් ආසියානු රටවලට බලවත් අසාධාරණයක් සිදුවන බවට අයිසීසීයයට පැමිණිලි ලැබෙමින් පවතින බව වාර්තා වනවා.
ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඇමෙරිකානු වේලාව අනුව ජූනි 26 වනදා රාත්‍රී 8.30ටත් දෙවැනි අවසන් පූර්ව තරගය ඇමෙරිකානු වේලාව අනුව 27 වනදා පෙ.ව. 10ටත් පැවැත්වීමට නියමිතය.
ඇමරිකානු වේලාව අනුව අවසන් පූර්ව තරග දිවිත්වය දින දෙකකදී පැවැත්වුවද ආසියානු රටවල වේලාව අනුව තරග ද්විත්වය එක් දිනයකදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
යම් හෙයකින් අවසන් පූර්ව තරගයට වර්ෂාව ඇඳ හැළුණහොත් ජූනි 27වැනිදා අතිරේක දිනයක් ලෙස නම්කර ඇත.
නමුත් දෙවන අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අයි.සී.සී.ය ලබාදී ඇති එකම විකල්පය වී ඇත්තේ, තරගය කෙසේ හෝ එදිනම අවසන් කිරීම සඳහා අතිරේක විනාඩි 250ක කාලයක් ලබා දීමයි.
දෙවෙනි අවසන් පූර්ව තරගය සඳහා අතිරේක දිනයක් ලබා නොදීමට හේතු වී ඇත්තේ දෙවන අවසන් පූර්ව තරගය හා අවසන් මහා තරගය අතර පැය 24 ක කාලයක් පමණක් පැවතීමයි.
යම් හෙයකින් දෙවෙනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් දීර්ඝ වේලාවක් පැවැත්වීමට සිදුවුවහොත් එය ජය ගන්නා ක්‍රීඩකයන්ට පැය කිහිපයකින් අනතුරුව අවසන් තරඟය සඳහාද සහභාගි වීමට සිදුවීම බලවත් අසාධාරණයක් බවට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම දෙවන අවසන් පූර්ව තරඟය අවසන් වී අවසන් තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය සඳහා කිලෝමීටර් දාහක පමණ දුරක් ගෙවා බාබොඩොස් වෙත යාමටද ඔවුනට සිදු වේ. එයටද පැය කිහිපයක් ගත වේ.
ඉන්දියාව දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා වියැයි පවතින උපකල්පනය හේතුවෙන් අයි සීසීයට එල්ල වන බලපෑම් දැඩි වී තිබේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි