ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයා ලෙස සිව්වැනි වරටත් තේරී පත්වූ බව ලොව ප්‍රබල ව්‍යාපාරික සඟරාවක් වන Forbes හි යාවත්කාලීන ලැයිස්තුවේ පළ වී ඇත. 39 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා පසුගිය වසරේ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 260ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 78261ක්) බව දැක්වේ.
ස්පාඤ්ඤ ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රාම් රොනාල්ඩෝට පසු දෙවැනි වැඩිම ආදායම ලබා ඇති අතර, ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී තෙවැනි ස්ථානයේ සිටී.
වැටුප්, ප්‍රසාද දීමනා, අනුග්‍රාහකත්වය ඇතුළු සියලු වර්ගවල ආදායම් සැලකිල්ලට ගනිමින් ෆෝබ්ස් සඟරාව ක්‍රීඩකයන්ගේ ආදායම් ලැයිස්තුව සකස් කර ඇත.
පසුගිය වසරේ සවුදි අරාබියේ අල් නස්ර් ක්‍රීඩා සමාජයට එක් වූ රොනාල්ඩෝ වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 200කට වඩා උපයා ඇත. එය පාපන්දු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි. මීට අමතරව, මිලියන 69ක Instagram අනුගාමිකයන්ගේ අනුග්‍රහය ඇතිව විවිධ සංවිධානවලින් රොනාල්ඩෝ විශාල ආදායමක් ලබා ඇත. ෆෝබ්ස් වාර්තා කරන්නේ රොනාල්ඩෝ ක්‍රීඩා පිටියෙන් පිටත ඩොලර් මිලියන 60ක ආදායමක් ලබා ඇති බවයි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි