Menu

සංගාගේ රාජස්ථාන්ද ? මුත්තයියාගේ හයිද්‍රබාද්ද ? දෙවැනි ස්ථානයට අද කරට කර සටනක්

258

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අදින් (19දා) අවසන් වෙන අතර, මේ යටතේ තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත.

ඉන් එක් තරගයක් අද පස්වරුවේ (3.30ට) සන්රයිසස් හයිද්‍රබාද් හා පංජාබ් කිංග්ස් අතර පැවැත්වෙන අතර, අනෙක් තරගය රාත්‍රියේදී (7.30ට) රාජස්ථාන් රෝයල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවැත්වීමට නියමිතව ඇත.

පස්වරුවේ පැවැත්වෙන තරගයෙන් හයිද්‍රබාද් ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ 03වැනි ස්ථානයේ සිට 02වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකියාව ලැබේ.

කෙසේ නමුත් එම තරගය පරාජය වුවත්, තෙවැනි ස්ථානයෙන් පහළට නොවැටේ.

ඒ හැරෙන්න පංජාබ් කණ්ඩායමට කුමන ප්‍රතිඵලය අත්වුණත්, ඔවුන් දැනට රැඳී සිටින 09වැනි හෝ 10වැනි ස්ථානයේ ඉහළයට යාමට හැකියාවක් නොමැත.

එමෙන්ම රාත්‍රියේ පැවැත්වෙන කොල්කටා – රාජස්ථාන් තරගයෙන් රාජස්ථාන් ජයගතහොත් ඔවුන්ට දැනට රැඳී සිටින දෙවැනි ස්ථානය එලෙසින්ම රැකගැනීමට හැකියාව ලැබේ.

එසේ වුවහොත් හයිද්‍රබාද් කණ්ඩායම සවස තරගය ජයගෙන දෙවැනි ස්ථානයට පැමිණ සිටියත්, යළි තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවේ.

හයිද්‍රාබාද් හවස තරගය ජයගෙන සිටියදී, යම් හෙයකින් රාජස්ථාන් පරාජය වුවහොත් ඔවුන් තෙැවනි ස්ථානය දක්වා පහළට වැටේ.

ඒ හැරෙන්න කොල්කටා කණ්ඩායමට කුමන ප්‍රතිඵලය හිමිවුවත්, ඔවුන් රැඳී සිටින පළමු ස්ථානයට කිසිඳු බලපෑමක් නොවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *