Menu
ban vs usa 1st t20

ශකීබ් අල් හසන් ප්‍රමුඛ ප්‍රබල බංගලාදේශ කණ්ඩායම පරදා නවක ඇමෙරිකාව ජය ලබයි

391

සත්කාරක ඇමරිකානු කණ්ඩායම හමුවේ කඩුලු 05ක නින්දාසහගත පරාජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායමට ඊයේ(22) සිදු විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුනේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඔවුන්ට පන්දුවාර 20 තුළදි කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස් කළේය.

එහිදී තව්හිද් රිදෝයි පන්දු 47කින් ලකුණු 58ක් රැස්කිරීමත්, මහමදුල්ලා ලකුණු 31ක් හා සූම්‍ය සර්කාර් ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූ අතර අන් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථකවීමට නොහැකි විය.

ඇමරිකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ස්ටීවන් ටේලර් කඩුලු 02ක් දවාගත්තේ සිය පන්දුවාර 03 තුළ ලකුණු 9ක් පමණක් ලබා දෙමිනි.

ඒ අනුව ලකුණු 154ක ඉලක්කයක් හඹාගිය ඇමරිකානු කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු 05ක් පමණක් දැවී තිබියදී, ලකුණු 156ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත් වුණා.

මින් පෙර නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ කෝරී ඇන්ඩර්සන් නොදැවී ලකුණු 34ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු 13කින් ලකුණු 33ක් රැස් කළ හර්මිට් සිං තරගයේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ඇමරිකානු කණ්ඩායම පෙරමුණ ගත්තා.

ශකිබ් අල් හසන්, ලිටන් දාස්, මුස්තෆිසුර් රහ්මාන් ඇතුළු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරගයේදී බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමද විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *