සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජයක කර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වුණා.
අහ්මදාබාද්හිදී පැවැති මෙම තරගයේ (Qualifier 1) පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රබාද් කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159ක් පමණි.
තරගාවලිය ආරම්භයේ සිට පෙරළිකාර පිතිකරුවෙකු ලෙස කටයුතු කළ ට්‍රැවිස් හෙඩ් (0) හා අභිෂේක් ශර්මා (3) වේලාසනින් දැවීයාම සන්රයිසස් කඩාවැටීමේ ප්‍රධානම සාධකය විය.
කෙසේ වෙතත් රාහුල් ත්‍රිපාතිගේ අගනා අර්ධ ශතකයත් (55), පැට් කමින්ස් (30) හා හෙන්රිච් ක්ලාසන් (32) ගොඩනැගූ ඉනිම් කිහිපය හේතුවෙන් තරගකාරි ලකුණු පුවරුවක් කරා ඉනිම රැගෙන යාමට අවස්ථාව උදාවුණා.
මෙහිදී ලකුණු 160ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම තරගයේ 13.4වැනි පන්දුවාරයේදී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත් වුණා.
ඉලක්කය වේගවත් කළ නායක ශ්‍රියාස් අයියර් පන්දු 24කින් ප්‍රහාරාත්මක ලකුණු 58ක් රැස්කළ අතර, ඔහුට අගනා සහායක් දුන් වෙන්කටේෂ් අයියර් පන්දු 28කින් ලකුණු 51ක් රැස්කිරීමට සමත් වුණා.
මෙම තරගයට හයිද්‍රබාද් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විජයකාන්ත්ත් වියස්කාන්ත් ක්‍රීඩාකළත්, පන්දුවාර 02ක් පමණක් යොමුකළ ඔහුට එරෙහිව කොල්කටා පිතිකරුවෝ ලකුණු 22ක් රැස්කිරීමට සමත් වුණා.
මෙලෙස කොල්කටා කණ්ඩායම අයි.පී.එල්. ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 04වැනි අවස්ථාව වන අතර, ඉන් දෙවතාවකදීම ඔවුන් ශූරතාව දිනා ඇත.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි