2024 පන්දුවාර විස්සයි 20 ලෝක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත් වූ පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු විස්සක පරාජයක් අත්විය.
කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු පහක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය.
ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදීද නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයක් පැවැත්වෙන බැවින් තරග උපක්‍රමයක් ලෙස මෙම තරගයේදී කණ්ඩායම් නායක වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ පන්දු යැවීමෙන් වැළකී සිටියේය.
Bowling
නුවන් තුෂාර 4-0-48-1
ඩිල්ෂාන් මධුසංඛ 4-0-39-2
දුනිත් වෙල්ලාලගේ 4-0-26-1
ඇන්ජෙලෝ මැතිව්ස් 2-0-20-1
දසුන් ශානක 2-0-12-0
චරිත් අසලංක 1-0-5-0
ධනංජය ද සිල්වා 1-0-16-0
කමිඳු මෙන්ඩිස් 2-0-15-0
ලකුණු 182 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 161 ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක වනිදු හසරංග පන්දු 15කින් වේගවත් ලකුණු හතලිස් තුනක් රැස් කිරීමට සමත් විය.
දසුන් ශානක නොදැවී ලකුණු 35ක් හා ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අන් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීම සඳහා නෙදර්ලන්ත පන්දු යවන්නන් විසින් ඉඩ ලබා නොදීම විශේෂත්වයකි.
Batting
පැතුම් නිස්සංක 05 (03)
කුසල් මෙන්ඩිස් 04 (09)
කමිඳු මෙන්ඩිස් 05 (08)
ධනංජය ද සිල්වා 31 (22)
චරිත් අසලංක 12 (06)
ඇන්ජෙලෝ මැතිව්ස් 15 (17)
වනිඳු හසරංග 43 (15)
දසුන් ශානක 35* (20)
දුනිත් වෙල්ලාලගේ 07 (11)

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි