T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පෙර පුහුණු තරගය අද රාත්‍රී 8.00ට ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමග තරග වදිනවා.
ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය පසුගිය 28 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව මෙම ක්‍රීඩාංගණයේදීම පැවැති අතර එහිදී ප්‍රධාන පන්දු යවන්නන් යොදා නොගෙන ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 20ක පරාජයක් අත් විය.
කෙසේවෙතත් අද තරගයේදී හමුවන අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩා කරන බැවින් බොහෝවිට අද තරගය සඳහා ප්‍රධාන පන්දු යවන්නන් යොදවා ගනු ඇතැයි අපේක්ෂා කළ හැක.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි