විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ට මුහුණපාන්නට සිදුව ඇති ගැටළු සහ අපහසුතාවන් සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 07ක පමණ ගුවන් ගමන් ප්‍රමාදයක් සිදුවීම හේතුවෙන් ඇති වූ අපහසුතාව සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මැති සබයේ දී ප්‍රශ්න කරනු ලැබුවා.
කෙසේ වෙතත් එම ගැටළුවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබාදුන්නේ අදයි.
“ශ්‍රී ලංකා කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම ගුවන්යානා තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ගුවන්තොටුපොළේ අතරමංවීමක් සිදුවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ICCයට දැනටමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.”
“ඒකට හේතුව එක එක රටවලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ කිලෝමීටර් ගණන අනුව. දෙක ලංකාව.”
“අමෙරිකානු ක්‍රිකට් ආයතනයත් ICCයෙන් තහනම් වෙලා ඉන්නේ මේ වෙනකොට. එහෙම තියෙද්දි තමයි ICC මේ ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ පවත්වන්නේ.”
“අපි සති 2කට 3කට කලින් කිව්වා… ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙක්ව යවලා කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සලස්වන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව පත් කරලා තිබෙනවා ක්‍රිකට් ආයතනය. ඔහු එහෙ ගිහිල්ලත් තිබෙනවා. නමුත් මේ ප්‍රශ්න ඇතිවීම සම්බන්ධයෙන් අපි ඔහුගෙන් කරුණු විමසලා තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා.”

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි