ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පරාජය ලකුණු 84ක විශිෂ්ට ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.
මෙය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි 20 තරගයකින් පරාජය කළ පළමු අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්විය.
සී කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැති අතර, මෙම ජයත් සමග ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය.
මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලබාදුන් ලකුණු 160ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 75ක් පමණි.
නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ග්ලෙන් පිලිප්ස් ලකුණු 18ක් රැස්කිරීමට සමත් විය.
ඔහු හැරෙන්න වෙනත් කිසිඳු නවසීලන්ත පිතිකරුවෙකුට අවම ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.
ඇෆ්ගනිස්තානය විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ නායක රශීඩ් ඛාන් පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 17කට කඩුලු 04ක් දවාලමිනි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 06ක් බිඳවැටී ලකුණු 159ක් රැස්කිරීමට සමත් වුණා.
එහිදී රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 56කින් ලකුණු 80ක් රැස්කළ අතර, ඊබ්‍රහිම් සද්‍රාන් පන්දු 41කින් ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි