Menu

ලොවම බලා සිටින ඉන්දු – පාකිස්තාන තරගය අදයි! ප්‍රවේශ පත්‍රයක මිල ලක්ෂ 6යි!

567

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලම පසමිතුරු රටවල් දෙක ඉන්දියාව හා පාකිස්තානයයි.

ඒ නිසාම ඔවුනොවුන් කුමන රටක තරග කළත්, ඒ සෑම තරගයකටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වෙනවා.

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද ඉන්දියාව හා පාකිස්තානය එකම කාණ්ඩයකින් තරගවඳින අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (09දා) ප.ව. 8.00ට පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේද ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ක්‍රීඩාකළ නිව්යෝර්ක්හි නසාව් ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගයට වෙනත් කිසිඳු තරගයකට නැති ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවන නිසාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.ය) ඉහළ වටිනාකමක් ඉන්දු – පාකිස්තාන තරගවල ප්‍රවේශපත්වලට ලබාදෙනවා.

ඒ අනුව මෙම තරගයට අදාළ ප්‍රවේශපත්‍ර කොටස් කිහිපයකට බෙදා තිබෙන අතර, ඉන් අඩුම ප්‍රවේශපතක වටිනාකම ඇමරිකානු ඩොලර් 175ක් නැතිනම් මෙරට වටිනාකමින් රුපියල් පනස් තුන්දහස ඉක්මවන අගයක් ගන්නවා.

ඒ හැරෙන්න ක්‍රීඩාංගණයේ එක් එක් අන්තයන් අනුව මෙම වටිනාකම් ඇ.ඩො. 300 (රු. අනූදහසකට වැඩි) සිට ඇ.ඩො. 400 (රු. එක්ලක්ෂ විසිදහසකට වැඩි), ඇ.ඩො. 1,500 (ලක්ෂ 4.5කට වැඩි ) හා ඇ.ඩො. 2,000 (රු. ලක්ෂ 6කට වැඩි) දක්වා වැඩිකර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *