20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහීෂ් තීක්ෂණ,
“අපි තරඟාවලියට එද්දි හොඳ මානසිකත්වයක් තිබුණා. අපේ පන්දු යවන්නන් හොඳට කරලා තිබුණා. පන්දුවට පහරදෙන්නන් හොඳට කරලා තිබුණා අන්තිම තරගාවලීන් තුනේම. අපි ගොඩක් ඉස්සරහින් හිටියා තරඟාවලියට එද්දි. මම හිතනවා ගොඩක් වැරදීම් වුණා කණ්ඩායමක් විදිහට. ඒ නිසා අපිට සුපිරි 08ට යන්න බැරි වුණා. ලොකුවටම දකින්නේ අපේ පිතිකරණයේ වුණ දේවල්. කන්ඩිෂන්වලට හැඩ ගැහුනේ නැති එක තමයි ලොකුම වැරැද්ද කියලා මම හිතනවා.”
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරඟය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 17 වනදා ශාන්ත ලුෂියා හිදී පැවැත්වීමට නියමිතයි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි