ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව ඊයේ (17දා) නැවත වරක් අලුත් වුණා.
මෙවර එම වාර්තාව අලුත් කරනු ලැබුවේ එස්තෝනියානු ක්‍රීඩකයෙකු වූ සහිල් චෞහාන් විසින්.
එස්තෝනියානු කණ්ඩායම මේ දිනවල සයිප්‍රසයේ තරග සංචාරයක නිතරව සිටින අතර, තරග 06කින් යුත් එම තරගාවලියේ අද (17දා) පැවැති දෙවැනි තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වූවා.
මෙහිදී ඔහු සිය ශතක කඩයිම පන්දු 27කින් සම්පූර්ණ කරනු ලැබූ අතර, ඔහු විසින් බිඳහෙලනු ලැබුමේ මෙම වසරේදීම නැමීබියානු ක්‍රීඩකයෙකු වූ ජන් නිකොල් ලොෆ්ටි-ඊටන් විසින් පන්දු 33කින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.
එපිස්කොපිහිදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් සයිප්‍රස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 191ක් රැස්කළා.
ඊට පිළිතුරු ලෙස එස්තෝනියානු කණ්ඩායම කඩුලු 04ක් දැවී තිබියදී තරගයේ 13වැනි පන්දුරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත් වුණා.
එහිදි සයිප්‍රස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකල චෞහාන්, පන්දු 41කට මුහුණදෙමින් හයේ පහර 18ක් හා හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 144ක් රැස්කළා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි