20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියේය.
කණ්ඩායමක් වශයෙන් සිදු වූ අඩුපාඩු සහ වැරදි හේතුවෙන් මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගයෙන් ම ඉවත් වීමට සිදු වූ බව නායක වනිඳු හසරංග පවසනවා.
තම කණ්ඩායමේ ක්‍රීඩකයින් හට නිසි ලෙස උපරිම දක්ෂතා පෙන්වීමට නොහැකි වීම ගැන ද තමන් කනගාටු වන බව ද හෙතෙම සඳහන් කළා.
“ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් කළේ නෑ..” හෙතෙම පැවසීය.
ඔවුන් වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි.
‘සිල්ක් රූට්’ පර්යන්තය භාවිතා කිරීම සඳහා එක් අයකු ඩොලර් 150ක මුදලක් ගෙවිය යුතුය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි