විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද (23) සමත්විය.
ඒ එම තරගය ලකුණු 21කින් ජය ගනිමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස්කළේය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එහිදී අර්ධ ශතක ලබා ගත් අතර රමනුල්ලා ගුර්බාස් ලකුණු 60 (49) සහ ඊබ්‍රාහිම් සඩ්රාන් (51) රැස්කළහ.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය.
ඔහු පසුගිය තරගයේදීද කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය.
ලකුණු 149ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි තර්ජනයකි.
එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 127ක් පමණි.
ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59යි.
නවීන් උල්හක් කඩුලු 3ක් සහ ගුල්බඩීන් නයිබ්ක ඩුලු 4ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි