ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරග 03කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය අද (23දා) ප්‍රකාෂයට පත්කළා.
මෙම තරගාවලියද එක්දින තරගාවලිය පැවැති සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, එහි පළමු තරගය හෙට (24දා) පෙ.ව. 10.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව හා කොදෙව් කාන්තා කණ්ඩායම් 2010 වසරේ සිට එකිනෙකා සමගින් තරග වඳින අතර, ඉන් දෙරට අතර මේ දක්වා තරග 23ක් පැවැත්වී ඇත.
කෙසේ නමුත් ඉන් තරග 04ක් ශ්‍රී ලංකාව ජයගැනීම හැරෙන්න තරග 18කම ජය තහවුරු කරගෙන සිටින්නේ බ.ඉ. කොදෙව් කණ්ඩායමයි.
නම්කළ ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, ඕෂදී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, අමා කාංචනා, රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, කෞෂිනි නුත්‍යංගනා

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි