2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර අද පැවැති තරගය කඩුලු 03කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුළු 08ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර ලකුණු 136ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 17කට තරගය සීමා කළ අතර එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හිමි වුණා.
ඒ අනුව, දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර16යි පන්දු 01ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 124ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණා.

LPL තරගාවලියේ කාලසටහන නිකුත් කරයි
ඉන්දියාවේ ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක තරගයක් අද
එංගලන්තය අවසන් පූර්ව වටයට
කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
පැට් කමින්ස් ඉතිහාසගත වෙයි