ඇමරිකාව හා බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 වටයේ තරග අවසන්වීමට ඉතිරිව ඇත්තේ තවත් තරග කිහිපයකි.
GROUP-1 කොටසේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන සිටියත්, ඇෆ්ගනිස්තානය ඊයේ ඕස්ට්‍ර්‍ර්ලියානු කණ්ඩායමට එරෙහිව ලැබූ අනපේෂිත ජයග්‍රහණයත් සමඟ ඔවුනගේ ඉදිරි ගමනද යම්කිසි අවධානමකට ලක්ව තිබෙනවා.
මේ වන විටත් බංගලාදේශය නිල නොලත් ලෙස තරගාවලියෙන් ඉවත් වී අවසන්.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ තරගය තිබෙන්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර වන අතර මින් කණ්ඩායම් දෙකකට එම අවස්ථාව හිමිවන අතර, අනෙක් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
යම් හෙයකින් ඔස්ට්‍රේලියා – ඉන්දියා තරගයේ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදී ලකුණු 41කින් ඉන්දියාව පරාජය කර, ඇෆ්ගනිස්ථානය විසින්ද බංගලාදේශ කණ්ඩායම ලකුණු 81කින් පරාජාය කළහොත් ඉන්දියාවට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වේ.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි