ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම මේ වන විටත් 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි. ඒ අනුව අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගෞරවය රැකගැනීම සඳහා වන තීරණාත්මක සටනකි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කිරීමට කටයුතු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග වෙනුවට මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවා ඇති අතර, උරහිසේ ආබාධයකට ලක්ව සිටින ඒෂාන් මාලිංග වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි